Tuesday, July 15, 2025
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් මට්ටම තවත් ඉහළට. මරණත් 14ක් වාර්තා වෙයි

ඊයේ (19) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 745ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 555,204ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 14ක් නිවේදනය කර තිබුණු අතර ඒත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,086ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ මාසයක පමණ කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 550 මට්ටමේ සිට 750 මට්ටම ආසන්නට පැමිණෙමින් තිබීම බරපතළ කරුණක් බව සෞඛ්‍ය අංශ පුන පුනා පෙන්වා දෙන අතර ඔවුන් අවධාරණය කරන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකරන්නේ නම් දෙසැම්බර් මාසය වනවිට නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.

(LNW)