මත්ද්‍රව්‍යවට ඇබ්බැහිවූවන් පොලිස් අත්අඩංගුවෙන් පසු බන්ධනාගාරගත නොකර ඍජුවම පුනරුත්ථාපනයට යොමු කිරීමට අදාළ නව නීති ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව තිබෙනවා.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමෙන් අත්වන ප්‍රතිඵල ඉතා අවම බවයි.
පුනරුත්ථාපනයට ලක්කරන පුද්ගලයින්ට ඉදිරියේදී විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
මේ වනවිට ලැබෙන දත්තවලට අනුව මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඉකුත් වසර 5 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 7,500 ක් පුනරුත්ථාපනය කර ඇති බවද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සදහන් කළා.
(Neth)