මුඛ ආවරණ භාවිතා කිරීම ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ
මුඛ ආවරණ භාවිතා කිරීමෙන් කොවිඩ් අවදානම අඩකින් අවම කරගත හැකි බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
මෙම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.
බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක පළවූ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂනයකදී මේ බව අනාවරණය වූ බවයි.
එමෙන්ම බොහෝ රටවල් එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හා විශ්වාස තබාගෙන සමාජ සීමා ඉවත්කරමින් පැවතීම වඩාත් අවධානම් සහගත බවද ඔවුන් පෙන්වා දී ඇත.
(Aruna)