ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් යළිත් කොවිඩ් අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 05 ක යළිත් කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
අනුරාධපුර,අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල කොවිඩ් පොකුරු නිර්මාණයවීමේ අවදානමක් මතුව ඇති බවත් මංගල උත්සව, පිංකම් ඇතුළු මහජන ඒකරාශීවීම් රැසක් එම දිස්ත්‍රික්ක ආශ්‍රිතව වාර්තා වන බවත් ඔහු සඳහන් කරනවා. මහජන ඒකරාශීවීම් හැකිතරම් මගහරින ලෙස කෙතරම් උපදෙස් ලබා දුන්නද බොහොදෙනා එම උපදෙස් නොතකා කටයුතු කරන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ වගකීම් සහගතව කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේදී යළිත් රට ලොක්ඩවුන් කිරීමේ අවදානමක් මතුව ඇති බවයි. සතිඅන්ත දිනවලදී බොහොදෙනා විනෝද චාරිකාවල නිරත වන බවත්, එම පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහෙත් යළිත් අවාසනාවන්ත තත්වයක් ඇතිවිය හැකි බවත් උපුල් රෝහණ මහතා පවසනවා.
ඊයේ දිනයේදී නව ආසාදිතයන් 737 ක් වාර්තා වූ අතර එය ආසාදිතයන් 700 ට වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව වාර්තා වූ පස්වැනි දිනයයි.
(LNW)