Wednesday, July 16, 2025
Follow Us
මහේලට ලැබෙන්න යන අලුත්ම තනතුර

ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට


බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය පුහුණුකාර ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු කවුරුන්ද යන වග මේ වන විට මාතෘකාවක් බවට පත්ව තිබේ.

අදාළ පුරප්පාඩු තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාමගේ නම යෝජනා වී තිබුණත්, ඒ සම්බන්ධයෙන් මහානාම මහතා තවමත් නිශ්චිත තීරණයකට එළැඹ නැති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. එම ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලාංකිකයෙක් පත් වීමට වැඩි ඉඩ කඩක් පවතින බවටද සැල වේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ යොවුන් යන ක්‍රිකට් කණ්ඩායම් තුනෙහිම උපදේශක පුහුණුකරුවෙක් වශයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව පත් කිරීමේ සූදානමක් ඇති බවටද වැඩිදුරටත් ‘අරුණ’ ට වාර්තා වේ.
නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළ මහේල ජයවර්ධන පසුව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට එකඟතාවය පලකර තිබුණි.

(Aruna)