Wednesday, July 16, 2025
Follow Us
සපුගස්කන්ද වැසුණත් සේවක වැටුප් සදහා කෝටි 10 ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කළද එහි සේවකයින් 1,300 දෙනෙකු සදහා වැටුප් ගෙවීමට සිදුවන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වැටුප් සදහා මසකට රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වැය වන බවයි.

තෙල් පිරිපහදුවේ කටයුතු සිදු කෙරෙන්නේ නම් සේවක වැටුප් සදහා ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් වෙන් කෙරෙනවා. කෙසේවෙතත් තෙල් පිරිපහදුවේ කටයුතු නතරවීම හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් අමතරව වියදම් වන බවයි වාර්තා වුණේ.

ඒ අනුව එම තෙල් පිරිපහදුවේ කටයුතු නතරවීම හේතුවෙන් ඉන් ලැබෙන ආදායම නොමැතිවීම සහ සේවක වැටුප් සදහා මුදල් වැයවීම හේතුවෙන් දැඩි අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

බොරතෙල් ආනයනය නොකිරීම හේතුවෙන් දින පනහකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉකුත්දා තහවුරු කළා.

(NEth)