Wednesday, July 16, 2025
Follow Us
යළි පාසල් වසා දැමීමේ අවදානමක්

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමෙන් සිදුවන දේවල් ගැන අනතුරු ඇඟවීමක්


ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

“ලංකාව පුරාම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම දරුවන්ටත් කොවිඩ් වැඩිවෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රෝගය ගෙදරට ගෙනියන්නේ නැතුව ඉන්න.”

පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත් වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි කල්තියා කියපු දෙයක්. මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලෙකට පස්සේ විවෘත කරපු පාසල් ආයෙත් වහන්න සිද්ධ වෙනවා. මේ වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා.”

(Aruna)