Wednesday, July 16, 2025
Follow Us
දිනය දැනුම් දුන් පසු බූස්ටර් එන්නත ගන්න එන්න - වැඩිහිටියන්ට දැනුම්දීමක්

තෝරාගත් දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. ඒ සදහා තෝරාගෙන ඇත්තේ බස්නාහිර, දකුණු යන පළාත්වල සහ අනුරාධපුරය හා අම්පාර යන දිස්ත්‍රික්කයි.

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක් ගතවූ පුද්ගලයන්ට පමණක් අද සිට එම එන්නත ලබාදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

බස්නාහිර, දකුණු යන පළාත්වල සහ අනුරාධපුරය හා අම්පාර යන දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දැනුම් දෙන දිනයේදී පමණක් අදාළ ස්ථාන වෙත පැමිණ එන්නත ලබාගන්නා ලෙසට ද මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ 20,485 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

(Neth)