සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ආණ්ඩුවට පාඩු රැසක් සිදුවන බව ඛනිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ දින 50 කට පිරිපහදුව වසා දමා යළි ආරම්භ කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියාසිටියේ පිරිපහදුව වැසීම වත්මන් තත්ත්වය මත ගත් තීරණයක් නොවන බවයි.
කෙසේවෙතත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පැවසුවේ තෙල් පිරිපහදුව වසා දැමුණද රට තුළ කිසිඳු ඉන්ධන හිගයක් මේ මොහොතේ මතු නොවන බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ රට තුළ ඉන්ධන හිඟයක්ද මේ හේතුවෙන් මතු නොවන බවයි. කෙසේවෙතත් ඊයේ රාත්‍රිය වනතුරුම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දක්නට ලැබුණේ දිගු පෝලිම්. ඉන්දන ලබාගැනීම සඳහා එකවර විශාල රථවාහන සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග ද ඊයේ රාත්‍රිය වනවිට අවසන් වී තිබුණා.
()Neth