Wednesday, July 16, 2025
Follow Us
කොවිඩ් කරලට තාක්ෂණික කමිටුවේ අනුමැතිය

මොල්නුපිරවියා ඖෂධයේ මූලික ප්‍රතිඵල සාර්ථකයි


කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (15) කොවිඩ් -19 පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා එම අදහස් පළ කළේය.

කොවිඩ් මර්දනය සඳහා ම(ර්)ක් සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවියා (molnupiravir) නැමති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දා පැවසීය.

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් එහි මූලික ප්‍රතිඵල සාර්ථක බව විශේෂඥයින් පවසයි.

එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වෙයි.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීමය.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවය.

ම(ර්)ක් සමාගම පැවසුවේ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවය.

(Aruna)