ශ්‍රී ලංකා වතුර බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමය කළ ඉල්ලීම
බෝතල් කළ පානීය ජලය පාලන මිලෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා වතුර බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමය පාරිභෝගික කටයුතු ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගෙන් ඉල්ලා ඇත.
එම සංගමයේ නිලධාරීන් සහ රාජ්‍ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල ඉවත් නොකරන්නේ නම් බෝතල් කළ පානීය ජලය රුපියල් දහයත් විස්සත් අතර මුදලකින් වැඩි කිරීමටද අවසර ඉල්ලා ඇත.
ආනයනය කරන ලේබල්, රසායනාගාර උපකරණ සහ ද්‍රව්‍ය, ප්ලාස්ටික් බෝතල, ප්ලාස්ටික් මූඩිය, ඇතුළු අනෙකුත් ඇසුරුම්වල නිෂ්පාදන මිල ඉහළ යාම නිසා නියම කර ඇති මිල මත ව්‍යාපාරික කටයුතු කළ නොහැකි බව සංගමය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය සහිත බෝතල් වතුර කර්මාන්තකරුවෝ 147ක් දිවයින පුරා විසිරී සිටිති. ශ්‍රී ලංකා ප්‍රමිතිය සියලු පානීය ජල බෝතල්කරුවන්ට අනිවාර්ය කරන ලෙසට ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ගැසට් පත්‍රයක් මගින් බලය ලබා දෙන ලෙසද කාර්මාන්තකරුවන් රාජ්‍ය අමැතිවරයාගෙන් ඉල්ලා ඇත. බෝතලයේ ආරක්ෂාව වෙනුවෙන් යොදන ග්‍රීන්ක් මුද්‍රාව නමැති පොලිතින් පටලය පරිසර දූෂකයක් බව මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන ඇත. ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද දැනුවත් කර ඇති බැවින් එම පොලිතින් පටලයද තහනම් කරන ලෙස සංගමය රාජ්‍ය අමැති ලසන්ත අලගියවන්නට දැනුම් දී තිබේ.
ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බෝතල් කළ පානීය ජලය ලීටර් ලක්ෂ පනහක් පමණ අවශ්‍ය බවද අනාවරණය වේ.
(Aruna)