Thursday, July 17, 2025
Follow Us
ප්‍රතිපාදන වෙන් කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.දැන් චක්‍රලේඛය දාන්න - ජෝශප් ස්ටාලින්

ප්‍රකාශ කළ පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.

ඒ, (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහෙයින් එම කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කරන බවයි මෙහිදී ස්ටාලින් මහතා පැවසුවේ.

මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කැපී පෙනුනද ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හැර සෙසු අංශ ගැන අවධානය යොමුකර නැති බවද ස්ටාලින් මහතා කියාසිටියේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට දී තිබුණු තැන මෙන් දරුවන් ගැනද සිතිය යුතුව තිබුණු බවත් අයවැයෙන් දරුවන්ට සහනයක් ලැබී නැති බවයි ස්ටාලින් මහතා පැවසුවේ. හෙතෙම සඳහන් කළේ.

මේ අතර ප්‍රකාශ කළ පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම නිසා ගෙන තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරන්නේද යන්න පිළිබඳ හෙට දින පැවැත්වෙන නියෝජිත සමුළුවේදී තීරණයක් ගැනීමට නියමිතයි.

(LNW)