මන්නාරම, ඕළුතුඩුවාව රක්‍ෂිතයේ කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මන්නාරම 54 වන බලසේනා කදවුරේ නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
යුද සමයේ වල දමන බවට සැක කරන රත්ත්‍රන් සොයා එම පිරිස කැණීම් සිදුකරමින් සිට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 ත් 60 ත් අතර පසුවන හෙට්ටිමුල්ල, කුටියාකුඹුර, පානදුර, බොරලන්ද සහ හල්පේ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් හය දෙනෙක්.
සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.
(Neth)