Thursday, July 17, 2025
Follow Us
රසායනික පොහොර ගෙන්වීමත් අසීරු අඩියක

යළි රසායනික පොහොර ආනයනය කිරීමට ද ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා.

ලෝක වෙලදපොළේ රසායනික පොහොර මිල ගණන් ඉහළ යාමද ඊට හේතු වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 800 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් යළි යූරියා තොග මෙරටට ගෙන්වන්නේ නම් නැව් ගාස්තු සහ පැටවීමේ ගාස්තු ද ඇතුලත්ව යූරියා මෙට්්‍රක් ටොන් එකක මිල ඩොලර් දහසක් පමණ වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම මාසය ඇතුලත යූරියා තොග ඇණවුම් කළද එම තොග මෙරටට පැමිණීම සදහා එළඹෙන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ගතවනු ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස රසායකින පොහොරවල මිල ගනන් ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස බලපා ඇත්තේ ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයක් වැඩි වශයෙන් පොහොර තොග ඇණවුම් කිරීමයි.

ඉන්දියාව සාමාන්‍යයෙන් මෙම කාලය තුළ යූරියා මෙට්්‍රික් ටොන් මිලියන 60 ක් පමණ ඇණවුම් කරනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව එම කාලය තුළ ඇණවුම් කරනු ලබන්නේ මෙට්්‍රක් ටොන් එක් ලක්ෂ 30,000 ක පමණ ප්‍රමාණයක්.

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට යූරියා ආනයනය කළහොත් කිලෝ 50ක යූරියා මිටියක මිල රුපියල් දසදහස ද ඉක්මවනු ඇති.

(Neth)