Thursday, July 17, 2025
Follow Us
උඩරට දුම්රිය මාර්ගය ආසන්නයේ නායයාම් තත්ත්වයක්

උඩරට දුම්රිය මාර්ගයත් අවදානමේ


නායයාමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ නායයාම් තත්ත්වය සක්‍රීය වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම ප්‍රදේශයේ නායයාමේ තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් එම මාර්ගය මේ වන විට වසා දමා ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම නායයාමේ අවදානම පවතින ප්‍රදේශයට ඉහළින් උඩරට දුම්රිය මාර්ගයට ආසන්නයේ භූමිය නායයාමේ තත්ත්වයකට සක්‍රීය වෙමින් පවතින බවය.

(Aruna)