කඩුගන්නාව නායයෑමේ අවදානමක
කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථානයේ කන්දේ අද (13) උදෑසන භෞතික පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම කන්දේ තත්ත්වය පිළිබඳ පොළව විද පරීක්ෂණයක් සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරයි.
දැනට එම ස්ථානයේ ගල්තට්ටුව මත ඇති ජලය ඉටි උර මගින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයනත කිහිපයක නියෝජිතයින් එම පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරනු ලබයි.
මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 30 කට ආසන්න සංඛ්‍යාක් ද මේ වනවිට ඉවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
දැනට එම ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.
(Aruna)