Thursday, July 17, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක්

නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 04, 05, 06, 07 සහ 08,කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ,මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

(Neth)