Thursday, July 17, 2025
Follow Us
රත්නපුරේ නාය යාමක්

මෙතෙක් ජීවිත හානි වාර්තා නොවෙයි


රත්නපුර – වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න – උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නාය යාමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා.

එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

(Aruna)