රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්
නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් , මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (10) රාත්‍රී සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන වාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල, මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවරට ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.
ඊට අමතරව රථවාහනවලට මාවනැල්ල නගරයේ එස් ඕ හන්දියෙන් දකුණට හැරී හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම, අම්බුළුවාව, ගම්පොළ, පේරාදෙණිය හරහා මහනුවර ගමන් කිරීමේ හැකියාව තිබේ.
මහනුවර සිට කොළඹ දක්වා පැමිණන වාහනවලට ද එම මාර්ගයන් ම භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර කාලගුණික තත්ත්වය පහව යන තුරු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන්බිමන් සීමා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(Aruna)