කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන
කාලගුණ අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව 31 වන ස්ථානය දක්වා පැමිණ ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය. 2017 දී ලෝක කාලගුණික අවදානම් දර්ශකයට අනුව ලංකාව පැවතියේ 109 වන ස්ථානයේ බවද ඇමැතිවරයා කීවේය.
පරිසර අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. අධික වර්ෂාව ලැබෙනවා සේම ඉදිරි කාලය තුළ සමහරවිට විශාල නියඟයකටත් මුහුණ දෙන්නට සිදුවේවි යැයිද ඔහු පැවසීය.
සියලු කාලගුණ බලපෑම් සිදුවන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස බවත්,අපේ රට වායු ගෝලයට හරිතාගාර වායු විමෝචනය කරන රටක් නොවූවත් ලෝකය තුළ සිදුවන බලපෑම්වලින් මිදෙන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවද ඔහු කීවේය.
(Aruna)