Friday, July 18, 2025
Follow Us
දින 5ක් තුළ කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්ර වර්ධනයක්. යළිත් දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි !

ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 718ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 717 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි එක් අයෙකු වශයෙන්.

මෙසේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගියේ සති කිහිපයකට පසුවයි. විශේෂයෙන් පසුගිය දින 5 තුළ කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල දත්ත නිරීක්ෂණය කිරීමේදී පෙනී යනවා.

මේ අතර ඊයේ දිනයේදීත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබුණා. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13892ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය නොකරන්නේ නම් දෙසැම්බර් මාසය වනවිට යළිත් රටේ කොවිඩ් ව්‍යාප්ති තත්වය බරපතළ වියහැකි බවටයි සෞඛ්‍ය අංශ තරයේ අනතුරු හඟවමින් සිටින්නේ.

(LNW)