Monday, March 30, 2026
Follow Us
අතුරුදන්ව සිටි දැරියන් තිදෙනා යළි නිවසට

දරුවන් අතුරුදන් බවට දෙමව්පියන්ගෙන් පැමිණිල්ලක්


අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පෙරේදා (08) ඔවුන් නිවෙස්වලින් අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඔවුන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් විය.

(Aruna)