Monday, May 20, 2024
Follow Us
පස්කන්දක් තරුණියක් බිලි ගනී

තරුණියටකට අත් වූ අවාසනාවන්ත ඉරණම


අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය තරුණිය අවුරුදු 23ක් වු වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මවට සහ සොහොයුරාට තුවාල සිදුවී නොමැති අතර අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)