Wednesday, November 12, 2025
Follow Us
යළි කොරෝනා රැල්ලක් ඇති වීමේ අවධානමක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ආසාදිතයින් හය සීයේ සීමාව අඛණ්ඩව මෙලෙස පසු කළේ දෙවන දිනටයි.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 20ක් වාර්තා වූ අතර ඉන් 14 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. ජනතාවගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් යළිත් රටතුළ කොරෝනා ආසාදිතයින් වැඩි වෙමින් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

දිගින් දිගටම ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් උත්සව සඳහා සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා.

නව වෛරස් ප්‍රභේද හේතුවෙන් රට තුළ යළි කොරෝනා රැල්ලක් ඇති වීමේ අවධානමක් ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රජය් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය සඳහන් කළේ.

 

(Neth)