Wednesday, November 12, 2025
Follow Us
ප්‍රධාන කොරෝනා එන්නත් 3 ක ආරක්‍ෂාව පහළ බසී

කොරෝනා මර්දන එන්නත්වලින් ලැබෙන ආරක්‍ෂාව මේ වනවිට අඩුවෙමින් ඇතැයි නවතම සමීක්‍ෂණයකින් හෙළි වී ඇති බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ඒ අතරින් ප්‍රධාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

යුරෝපයේ හිස ඔසවන කොරෝනා තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසනවා.

මේ අතර ෆයිසර් සමාගම ද කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වා දී තිබෙනවා. එම ඖෂධය මගින් අවධානයට ලක්විය හැකි වැඩිහිටියන්ගේ රෝහල්ගතවීමේ හෝ ජීවිත අවදානම සියයට 89 කින් අඩු කරන බවයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ. කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වාදුන් දෙවන අවස්ථාව මෙයයි.

(Neth)