Wednesday, November 12, 2025
Follow Us
සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව CIDය දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු දක්වයි !

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දෙවතාවත් දැනුම් දුන්න ද එසේ නොපැමිණීම තුළින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් කර ඇති බවට එම දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෝසමක් මගින් කරුණු දක්වමින් ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවීම තුළින් සිරිල් ගාමිණී පියතුමා මෙම වරද සිදුකර ඇති බවටය.

ඒ අනුව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත්තේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමන්ට එරෙහිව විධිමත් පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනුකරන ලෙසය. ඉන් අනතුරුව අධිකරණය විසින් සුදුසු නියෝගයක් නිකුත් කරන බවත් එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

(LNW)