Monday, March 30, 2026
Follow Us
ආගිය අතක් නොමැති කාන්තාවන් 1,500 ක් ගැන පොලීසියට තොරතුරු

ඉකුත් මාස කිහිපය තුළ කිසිදු තොරතුරක් අනාවරණය නොවූ ආගිය අතක් නොමැති කාන්තාවන් 1,500 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ නීත්‍යානුකූල විවාහය අතහැර ගිය කාන්තාවන් ද ඒ අතර වන බවයි. ඇතැම් කාන්තාවන් විදෙස්ගතවී ඇති බවට ද පොලීසිය සැක පළ කරනවා.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණයට අදාළවයි. එම කාන්තාව ද ඉකුත් 29 වනදා සිට අතුරුදන්ව සිට ඇති බවටයි වාර්තා වන්නේ.

(Neth)