Wednesday, November 12, 2025
Follow Us
වැලිගම මහා පිපිරිමක්

නිවාස 05 කට දැඩි ආලාභ හානි


වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක පිපිරීමක් සිදුව තිබේ.

වැලිගම අරුණ වාර්තාකරු සදහන් කළේ අද උදෑසන 03:30 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)