Wednesday, November 12, 2025
Follow Us
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද , වයඹ හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැසි තරමක තද වැසි ඇති වෙනු ඇතියි.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික සුළං මඟින් හා අකුණු නිසා සිදු වෙන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

(Aruna)