Saturday, December 27, 2025
Follow Us
නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් අද ගුවනින් මෙරටට

තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉන්දියාවේ සිට අද ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 24 ක් මෙරටට රැගෙන ඒමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස එම පොහොර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතයි.

මීට පෙර මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 25, 000 ක තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන 103 ක හරහා බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියා.

(Neth)