Saturday, December 27, 2025
Follow Us
සිරිල් ගාමිණි පියතුමාගෙන් පෙත්සමක්

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්


ගරු සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පසුගියදා පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පුද්ගලයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා දැනුම්දීමක් ද සිදුකර තිබුණු අතර එදින උන්වහන්සේ එහි පැමිණ තිබුනේ නැහැ.

ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා.

ඔවුන් ඉල්ලා තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සතියක කාලයක් සිරිල් ගාමිණී පියතුමන්ට ලබාදෙන ලෙසයි.

(Aruna)