Saturday, December 27, 2025
Follow Us
වනිදු හසරංග යළි වාර්තා අලුත් කරයි

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී වසරක් තුළ පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලීමත් සමගයි.

වනිදු මේ වන විට මෙම වසරේ දී තරග 19කදී බිද හෙලා ඇති කඩුලු ගණන 34 ක්. වනිදු හසරංග පසු කර ගියේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි මෙම වසරේ දී ම තරග 20කදී කඩුලු 32ක් බිද හෙලමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ඊයේ තරගයේ දී කඩුලු 3ක් දවා ගැනීමත් සමග වනිදු හසරංග මේ වන විට 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 50ක්. ඔහු ඒ සදහා ක්‍රීඩා කර ඇත්තේ තරග 32ක් පමණයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය ඊයේ සමත් වුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී තමන් තැබූ වාර්තාව පිළිබද සහ ඊයේ තරගය පිළිබද වනිදු හසරංග අදහස් පළ කළා.

(Neth)