Monday, March 30, 2026
Follow Us
ඩීසල් නිකුත් කිරීම සලාක ක්‍රමයට

ට්‍රක් රියදුරන්ට ඩීසල් ලබා ගැනීම දවසක්ම යයි


ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවල ඩීසල් නිකුත් කිරීම සලාක ක්‍රමයට සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමහර ට්‍රක් රථ රියදුරන්ට ඩීසල් ලබා ගැනීම සඳහා දිනයක් පමණ රැඳී සිටීමට සිදුව ඇති බව චීන සමාජ මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ වනවිට චීනය පුරා දැඩි විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති අතර විශේෂයෙන්ම ස්වාභාවික ගෑස් සහ ගල් අඟුරු සැපයුමට බාධා ඇතිව තිබේ.

විදුලි අර්බුධය හේතුවෙන් කර්මාන්ත ශාලා විශාල ගණනක් වසා දමා ඇති බවත් නිවෙස් සඳහා විදුලිය සැපයීම අඩපණ වී ඇති බවත් සඳහන් විය.

(Aruna)