Tuesday, November 11, 2025
Follow Us
පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව


මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ අපවත් විය.

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතය.

අපවත්වන විට උන්වහන්සේ 84 වන වියේ පසුවිය.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් විය.

(Aruna)