Saturday, December 27, 2025
Follow Us
බොහෝ ප්‍රදේශවලට අද වෙන දේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකිය.

(Aruna)