Tuesday, November 11, 2025
Follow Us
සිමෙන්ති හිඟය තව මාස දෙකක්වත් පවතීවි. මිලත් ටිකක් වැඩිවෙන්න පුළුවන් - ආනයනකරුවන්

වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය තවත් මාස දෙකක පමණක් කාලයක් පවතිනු ඇති බවත් සිමෙන්ති මිල ද යළිත් ඉහළ යා හැකි බවත් සිමෙන්ති ආනයනකරුවෝ පවසයි.

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (27) පාරිභෝගික සේවා අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"දවස් දෙකකින් නවත්තන්න කොහොමත් බෑ. මේක කොහොමත් තව මාස දෙකක පමණ කාලයක්වත් යයි කියලා හිතනවා අපි. සිමෙන්ති හිඟයට ප්‍රශ්නය තමයි බැංකුවල ඩොලර් හිඟවීම. ණයවර ලිපි විවෘත කරගන්න අමාරුයි. ලෝක වෙළඳපොලේ සිමෙන්ති මිල වැඩිවෙලා තියෙනවා. අපට ආනයනය කරද්දී වියදම පමණක් රුපියල් 1300ක් පමණ වෙනවා. ඒක නිසා අපි ඊට අනුව සලකා බැලීමක් කරලා හොඳ මිලක් දෙන්න කියලා ඉල්ලනවා. මිලේ පොඩි වැඩිවීමක් වෙන්න පුළුවන්"

කෙසේවෙතත් මෙහිදී පාරිභෝගික සේවා අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඉදිරි සති තුනක කාලය ඇතුළත වෙළඳපොලට අවශ්‍ය ප්‍රමාණයට සිමෙන්ති සැපයීමට කටයුතු කරන බව ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි.

(LNW)