හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න
අළුත්ගම , මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හෙට(28) දින පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇත.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර( උතුර/දකුණ ), කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල දර්ගා නගරය, අලුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
(Aruna)