වැලි මාෆියාවට ඇමති තිත තබයි
දිවයින පුරා වැලි බෙදාහැරීමේ කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා .
දැනට වැඩිම ඉල්ලුමක් මනම්පිටිය වැලි වලට පවතින අතර ඇතැමුන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලට විකුණනන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)