Saturday, December 27, 2025
Follow Us
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේකෂා කෙරෙනවා.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

(Neth)