Tuesday, November 11, 2025
Follow Us
කුලියාපිටිය ප්‍රදේශය තුළ යළිත් කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක්

කුලියාපිටිය ප්‍රදේශය තුළ යළිත් කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. ඒ, කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ආශ්‍රිතව පසුගිය සති දෙක තුළදී කොවිඩ් ආසාදිතයින් 79 දෙනෙකු පමණ හඳුනා ගැනීමත් සමගයි.

සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ආසාදිතයින්ගෙන් බහුතරයක් හඳුනාගෙන ඇත්තේ එලතලව ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුවයි මෙලෙස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ජනතාව දිගින් දිගටම වගකීම් විරහිතව කටයුතු කළහොත් රටතුළ යළිත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික වාණිජ මණ්ඩලයේ මහ ලේකම් මංජුල ද සිල්වා පැවසුවේ සියලුදෙනා වගකීම් සහිතව මේ මොහොතේ කටයුතු කළ යුතු බවයි.

(Neth)