කොන්දේසි සම්පූර්ණ නොකළ වෛද්‍ය උපාධිධාරීන්ට නඩු
විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරට සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය පාඨමාලා හැදැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වංචනික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.
විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතනවලට ශ්‍රී ලංකාවට අදාළ වන ලෙස වෛද්‍ය උපාධි පිරිනැමීමට අවසර දී ඇත්තේ නේවාසික පාඨමාලා පැවැත්වීමේ පදනම මත බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම පාඨමාලාවන් හි පූර්ව සායනික, අර්ධ සායනික සහ රෝහල් සායනික පුහුණුවීම් සියල්ල අදාළ විශ්වවිද්‍යාල පිහිටි රටේ නේවාසිකව සිට සම්පූර්ණ කළ යුතුවීම අනිවාර්ය බවත් යම් ආයතනයක් හෝ සිය පාඨමාලා නේවාසිකව සම්පූර්ණ නොකර මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීම වංචනික සහ නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
යම් පුද්ගලයෙකු අදාළ කොන්දේසි සම්පූර්ණ නොකර උපාධි සහතික පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය ආඥා පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය ඇත.
(Aruna)