Tuesday, November 11, 2025
Follow Us
නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට දෙන්න

දරුවන් අතර කොවිඩ් පැතිරෙන්න පුළුවන් විදියක් ගැන වෛද්‍යවරු කියයි


පාසලේ ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් පුරුදු නොකර නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේය.

ඔහු පැවසුවේ පෙර පුරුදුවලට අනුව ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් කටයුතු කළහොත් කොවිඩ් වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බවය. පාසලට පැමිණීමේදී විෂබීජනාශක දියර බෝතලයක්, අමතර මුහුණු ආවරණයක් දරුවාට ලබාදීමටද දෙමාපියන් සිහිතබා ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

දරුවන් මුහුණු ආවරණ පැලඳ පාසලට පැමිණීම ඉතාමත් අත්‍යවශ්‍ය බවද එම දරුවන් මුහුණු ආවරණ පැලඳ සිටිනවාද යන්න පිළිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

(Aruna)