Tuesday, November 11, 2025
Follow Us
යාචකයන් රටේ ජාතික ප්‍රශ්නයක් වෙයි

ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළි වූ දේ


රටේ යාචකයන් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් මෙම ගැටලුව විසඳීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු බවටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු කර ඇත.

යාචකයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ රැසක් සිදුව ඇති බවද එම පර්යේෂණවලින් අනාවරණයන්වූ කරුණු සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම වැදගත් වනු ඇතැයිද කාරක සභාවේ මතය විය. එමෙන්ම යාචකයන් වැඩි වීමේ ගැටලුව විසඳීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද සාකච්ජා විය.

තවද සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් හා කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ සභාපතිත්වය යටතේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්විය.

(Aruna)