Tuesday, November 11, 2025
Follow Us
චරිත අසලංක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පිල ජග්‍රාහී මාවතට ගෙන යයි

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (24) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නයිම් ලකුණු 62ක් රැස් කළ අතර මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ලකුණු 172ක් ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වුයේ නැහැ

නමුත් දඟ පන්දු යවන්නනන්ගෙන් ශ්‍රී ලංකා පිති කරුවන් මෙල්ල කිරීමට හැදූ බංගලාදේශ කණ්ඩායමට එය කිරීමට නොහැකි දෙයක් බව පසක් කරමින් ඊට පිත්තෙන් පිළිතුරු ලබා දුන් චරිත අසලංක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පිල ජග්‍රාහී මාවතට ගෙන ගියා.

(Aruna)