Thursday, March 28, 2024
Follow Us
25 වැනිදා රටපුරා ගුරු උද්ඝෝෂණ

වැඩවර්ජනය අවසන් කර ලබන 25 වැනිදා සේවයට වාර්තා කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර තිබෙන නමුත්, අරගලය දිගින් දිගටම සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ අනුව 25 වැනිදා සේවයට වාර්තා කිරීමෙන් පසුව පස්වරු 1.30 ට දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරු සංගම් සැළසුම් කර තිබෙනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබා නොදීමට සහ ගුරු අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ස්ටාලින් මහතා පවසන්නේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසාදමා තිබූ පාසල් පසුගිය 21 වැනිදා විවෘත කළ නමුත් ගුරුවරුන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කළේය. 21 - 22 දිනවලදී සේවයට වාර්තා කර තිබුණේ ඉතා සීමිත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ප්‍රමාණයකි.

(LNW)