Thursday, April 25, 2024
Follow Us
රසායනික පොහොර ම ඉල්ලා ගොවීන් වීදි බසිද්දී කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරන ගොවි මහතෙක්

රසායනික පොහොර ම ඉල්ලා ගොවීන් වීදි බසිද්දී කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරන ගොවි මහතුන්ද විවිධ ප්‍රදේශවලින් දැක ගත හැකි වනවා.

ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ එස්.ඒ. රත්නපාල ගොවි මහතා කාබනික පොහොර බහුලව යොදා ගනිමින් වී ගොවිතැන මෙන්ම වෙනත් වගාවන් සඳහා යොමුව ඇත්තේ මීට වසර ගණනාවකට පෙරයි.

කාබනික පොහොර බහුලව සහ සුළු වශයෙන් රසායනික පොහොර යොදා ගැනීමෙන් කල් තබා ගත හැකි ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

රසායනික පොහොර පමණක්ම ඉල්ලා විරෝධතා දැක්වීම වෙනුවට යම් පමණකින් හෝ කාබනික ගොවිතැනට යොමු වීමට හැකි බව මෙරට ගොවි ජනතාවට රත්නපාල ගොවි මහතා ආදර්ශයක් සපයා තිබෙනවා.

(Neth)