Sunday, July 06, 2025
Follow Us
ගුරු උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මක කරන්න තීරණයක්

ගුරු උද්ඝෝෂණ එන සදුදා යළි ඇරඹේ


එළඹෙන සදුදා(25) දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි.

සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30ට පසු අදාළ උද්ඝෝෂණයන්හි නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)