පාසැල්වල අධ්‍යන කටයුතු අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පවතින්නේ අවිනිෂ්චිත තත්ත්වයක්. ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ තමන් 25 වනදා සිට පාසැල්වලට පැමිණෙන බවයි. එහි සාමාජික සංගමයක් වන ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ පැවසුවේ අද සහ හෙට තම සංගමයේ සාමාජිකයින් පාසල් නොයන බවයි.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ද පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද සහ හෙට දිනවලද වැඩ වර්ජනයක නිරත වන බවයි.
වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 102 ක්. කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් වසා දැමීමෙන් පසු ගුරුවරුන් ඔන්ලයින් ඔස්සේ සිය ඉගැන්වීම් කටයුතු සිදුකළද පසුව එයින්ද ගුරුවරුන් ඉවත් වුණා.
(Neth)