ඊයේ (20) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 539ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 537 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු වශයෙනි.
ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 533305 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිවේදනය කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 18ක් වන අතර ඒත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13543ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේදී මෙරට පීසීආර් පරීක්ෂණ 6518ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3635ක් වශයෙන් කොවිඩ් පරීක්ෂණ 10153ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.
(LNW)