Thursday, September 25, 2025
Follow Us
අහඹු PCR  පරීක්ෂණ වැඩි කරන්නැයි ඉල්ලීමක්

කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සඳහා අහඹු පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම කාලොචිත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ නිවැරිදි දත්ත ලබා ගැනීම සඳහා එය වැදගත් වන බවයි.

මේ අතර නිරෝධායන රෙගුලාසී කඩකල පුද්ගලයින් 26නෙකු ඊයේ දිනයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 81,060ක් දක්වා ඉහල ගොස් ඇති බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක පිහිටුවා ඇති මාර්ග බාධක වලදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 469 දෙනෙකු සහ වාහන 265ක් ආපසු හරවා යවු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)